මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (15) දින මෝදර ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී දේශීය ගංජා ග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත.

 

ශ්‍රී ලංකාව තුල ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව සිදු කරනු ලබන තවත් ඒකාබද්ධ මෙහෙයුමක් මෝදර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මෝදර ප්‍රදේශයේ යොදා ඇති මාර්ග බාධකයකදී සැක කටයුතු ත්‍රී රෝද රථයක් පරික්ෂා කර ඇති අතර, එහිදී ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයා ලඟ තිබි මෙම දේශිය ගංජා ප්‍රමාණය සොයා ගැනීමට සමත්ව ඇත.

පසුව මෙම සැකකරු සහ ත්‍රිරෝද රථය අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

එම සැකකරු වයස අවුරුදු  26 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු, ත්‍රිරෝද රථය සහ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මෝදර, පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News