යතුරුපැදි සොරකමේ යෙදුණු තිදෙනෙක් අත්අඩංගුවට

Share

හබරණ, කැකිරාව, දිගම්පතහ, සිගිරිය, මරදන්කඩවල ආදී ප්‍රදේශවල යතුරුපැදි සොරකමේ නිරතව සිටි බව කියන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක තිදෙනකු අද (16) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය පවසයි.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයන්තිපුර, ගිරිතලයේ, හිඟුරග්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

හබරණ පොලීසියේ නිලධාරියකුට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී සොරාගන්නා ලද යතුරුපැදි අටක් සොයා ගෙන තිබේ.

මෙම පුද්ගලයන් සමඟ තවත් කිහිප දෙනෙකු එක්ව මෙම සංවිධානාත්මකව යතුරුපැදි සොරකම කාලයක සිට සිදු කරගෙන පැවැති බවත් ඒවා අලෙවි කළ ස්ථාන රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලීසිය පවසයි.

සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව අලෙවි කරන ලද සහ කොටස් කරන ලද යතුරුපැදි සොයා අද දින විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව හබරණ පොලීසිය පවසයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News