සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධියට අදාළව ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නැමැති සැකකරුවන් දෙදෙනා පසුගියදා කඩවත, මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.
අනතුරුව මොවුන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
ඒ අනුව මෙම සැකකරුවන් අද (16) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



