තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට සහ මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් ළමුන් දෙදෙනෙකුට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු සහ පාසල් ළමුන් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
නොර්වුඩ් පොලිස් වසමට අයත් පුලියාවත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මුලින්ම බඹර ප්‍රහාරය එල්ල වි ඇති අතර එම අවස්තාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් ළමුන් දෙදෙනෙකුට ද ඇවිස්සි සිටි බඹරුන් පහර දි ඇත.
ගසක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි අද (16) දින පස්වරු 1.00 ට පමණ බඹරුන් තමන්ට පහර දුන් බව බඹර ප්‍රහරයෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තුවාලකරුවන් පැවසිය.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවනගේ සහ පාසල් ළමුන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.



