කෝටියක හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

ජම්පටා වීදිය ප්‍රදේශයේ දී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

වේල්ල වීදිය පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් එකහමාරකට අධික ප්‍රමාණයක සොයාගෙන තිබේ.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වන පුද්ගලයෙකු බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.

වේල්ල වීදිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News