ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරීම සඳහා කුමන්ත්රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රඳවා තබාගෙන ප්රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදි තිබේ.
මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්රාත් අතුල ගුණසේකර මහතා විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ලබන මාර්තු 02 වන දින දක්වා අදාළ සැකකරු රදවා තබාගැනිමට මහේස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවසර ලබා දී තිබේ.
වාලච්චේන ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි හකීම මොහොම්මදු රිෆ්ඛාන් නැමැති මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අවසන්ව නොමැති බැවින් ඔහු රදවා තබාගෙන ප්රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවේය.
ඒ අනුව අදාළ ඉල්ලීමට අවසර ලබාදුන් මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්රාත්වරයා විමර්ශනවල ප්රගතිය ජනවාරි 20 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.



