දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක් අද (17) දිනයේ සිට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු, උතුරු මැද නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මේ අතර මුලතිව් සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.



