මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙන එන්න නාවික හමුදා සහය

Share

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ඊයේ (17) දින ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

 

ශ්‍රී ලංකාව වටා ඇති සාගරය ප්‍රයෝජනයට ගනු ලබන නාවික හා ධිවර ප්‍රජාවට සිදුවන ඕනෑම ආපදාවකදී සෙවිමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව තවත් එවැනි මුදවා ගැනීමේ මෙහෙයුමක් දකුණු මුහුදු තීරයේදී සිදු කරන ලදී.

ඒ අනුව අම්බලන්ගොඩ, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘රන්දිර් පුතා’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හෘදයාබාධයක් හේතුවෙන් රෝගී වී සිටින බව යාත්‍රාවේ හිමිකරු විසින් සිදු කළ දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වෙරළ බඩ මුර යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, ගාල්ල වරායට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී රෝගියා වෙරළ බඩ මුර යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

මෙසේ ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එනු ලැබූයේ වයස අවුරුදු 22 ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.

Read more

Local News