ඇහැළියගොඩ නිවසකට ප්‍රහාරයක්

Share

ඇහැළියගොඩ පොලිස් වසමට අයත් තලාවිටිය වත්තේ පිහිටි නිවසකට (18) අලුයම බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවී ඇතැයි ඇහැළියගොඩ පොලීසිය පවසයි.

 

මොහොමඩ් තවාහීර් අබ්දුල් රහුමාන් යන අයගේ නිවසට අද අලූයම 04.00 ත් 04.30 ත් අතර කාලයේ මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ලවී ඇත.

ප‍්‍රහාරයෙන් නිවැසියන්ට තුවාල සිදුව නැති බවයි පොලිසිය පැවසුවේ.

ප‍්‍රහාරය සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ගෙහිමි කාන්තාව සහ ඇගේ දරුවා පමණක් බව ද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙයි.

Read more

Local News