අධිකරණ භූමියේ දී කතක් ඝාතනයේ විමර්ශනවලට අදාලව පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

Share

කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාලව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තාවකාලික වැඩ තහනමකට ලක් කර තිබේ.

 

කෑගල්ල දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇත.

ඊයේ (17) දිනයේදී නඩත්තු නඩුවක් සඳහා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි කාන්තාවක් ඇයගේ ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි.

සිද්ධියට අදාල සැකකරු කෑගල්ල පොලිසිය විසින් එහිදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාල අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා තාවකාලික වැඩ තහනමට ලක් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Read more

Local News