තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් ගොඩබිම් ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

ඊශාන දිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, දිවයින පුරා, විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

නැගෙනහිර හා ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100-150 පමණ තද වැසි ඇති වෙයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75-100 පමණ තද වැසි ඇති වෙයි.

උතුරු මැද, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50 දක්වා වැඩි විය හැකියි.

අද (18) පෙ.ව. 8.30 දක්වා පැය 24 ක් තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රදේශයෙන් මිලිමීටර 134 ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර කඳුකර ප්‍රදේශවල නායයෑම් ඇති විය හැකි බවත්, පහත් බිම් ජලයෙන් යට විය හැකි බවත් ගස් කඩා වැටීම් ආදිය ද සිදුවිය හැකි බැවින් වහාම එයට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News