ප්‍රසන්න රණතුංගට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මසට කල්යයි

Share

කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 03 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

 

මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මංජුල තිලකරත්න මහතාට වෙනත් නඩු විභාගයකට සහභාගි වීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 3 වනදා දක්වා කල් තබන බවයි නිවේදනය කළ බව අපවාර්තාකරු පැවසීය.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නැමති ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට ද අධිකරණය තීරණය කර තිබේ.

Read more

Local News