බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 15ක් රෝහලට

Share

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 15 දෙනෙකු අද (18) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

 

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ ඉහල කොටසේ තේ වත්තේ තේ දළු නෙලමින් සිටියදි ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹරුන් පැවති සුලඟත් සමඟ ඇවිස්සි අද උදෑසන 11.00ට පමණ තමන්ට පහරදුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 13 දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු රෝහල වෙත ඇතුලත් කර ඇති බවත්, ඉන් බඹර ප්‍රහාරයෙන් තුවා ලැබු වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකුගේ තත්වය බරපතල බවයි බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරින් එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසුවේ.

Read more

Local News