පසුගිය මස 10 වනදා නාගදීප විහාරස්ථානයෙන් ආරම්භ කළ රණවිරු පා ගමන බෙන්තොට පාලම අසලට පැමිණියා.
යුද්ධයේ දී ආබාධිත තත්ත්වයට පත්වු ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ පියතිස්ස සහ නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලකනයේ යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වු එම්.පී.ඩබ්ලිව් කුමාර ඉතා ධෛර්ය සම්පන්න ලෙස මෙම පාගමනට එක්ව සිටිනවා.
මොවුන්ගේ ගමනාන්තය කතරගම කිරිවෙහෙර අභියසට පැමිණිමයි.
මෙම පාගමන අතරතුර විශේෂ සිදුවීමක් සිදුව තිබේ. ඒ විරෝධාර රණවිරුවන් දෙදෙනා සමඟ මෙම පාගමනට සුනඛයෙකු ද එක්ව සිටිමයි.
මෙම පාගමනට එක්ව සිටින හමුදා සාමාජිකයින් පැවසුවේ යටියන්තොට ප්‍රදේශයේ දී මෙම හමුදා සාමාජිකයින් දෙදෙනාගේ පාගමන සමඟ මෙම සුනඛයාද එක්වු බවයි.




