අගමැති සහ චීන තානාපති අතර හමුවක්

Share

මෙරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන තානාපති චෙන්ග් ෂුවාන් මහතා අතර හමුවක් සිදුව තිබේ.

 

අද (18) පෙරවරුවේ පැවති මෙම හමුවේදී චීන රජය ශ්‍රී ලංකා රජයත් සමඟ එක්ව මෙරට තුළ සිදුකරනු ලබන ව්‍යාපෘති පිළිබඳ චීන තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අනාගත ව්‍යාපෘතීන් පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මේ අතර මෙරට ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින්දු මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා සිදුකළ ඉන්දියානු සංචාරයෙන් අනතුරුව දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා වන අංශ ගණනාවක් සම්බන්ධයෙන් එම හමුවේදී අවධානය යොමුව ඇති බව සඳහන් වෙයි.

Read more

Local News