හිටපු ඇමති පාඨලී අධිකරණයට රැගෙන එයි

Share

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන විත් තිබේ.

 

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (18) රාත්‍රියේ සිය නිවසේ සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් අතර පසුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

ඉන් අනතුරුව ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණි.

Read more

Local News