මෙක්සිකෝවේ යලිස්කෝ ප්රාන්තයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් දොළොස්දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
මෙක්සිකෝවේ යලිස්කෝ ප්රාන්තයේ මහාමාර්ගයක ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරත් සමඟ වෑන් රථය ගිනිගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
වෑන් රථය ගැටී තිබුණේ දැව තොගයක් පටවා තිබූ කන්ටේනර් රථයකයි.
අනතුර සිදුවීමට හේතුව අනාවරණවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




