වව්නියාව, පෙරියඋළුක්කුලම වැවේ ගිලීමෙන් අද (19) පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
වව්නියාව පෙරියඋළුක්කුලම ප්රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වව්නියාව රෝහලට ඇතුළත් කර ඇත.
පෙරියඋළුක්කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



