උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

Share

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා දියතලාව දුම්රිය ස්ථානය අතර පිහිටි ඕබොඩැල්ල රේල් ගේට්ටුව අසල අද(20) අලුයම පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇණහිට ඇත.

 

මේ හේතුවෙන් ඊයේ (19) රාත්‍රියේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය දියතලාව දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර අද උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා පිටත් වූ දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා තිබෙන බව සඳහන්.

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්, දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීන් එක්ව මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ද බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

Read more

Local News