තේ වත්තේ අනවසරෙන් මැණික් ගැරූ සිව්දෙනෙක් අත්අඩංගුවට

Share

බලපත්‍රයක් නොමැතිව තේ වත්තක විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් සිව්දෙනෙක් බගවන්තලාව පොලීසිය විසින් අද (20) දින අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

 

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ තේ පඳුරු මැද විශාල වලවල් හාරා විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලීසියේ නිලධාරින් විසින් වැටලීමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

සැකකරුවන් සමඟ මැණික් ගැරීමට යොදාගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් හාරා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ලොයිනොන් වතුයායේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 30-35 වයස් කාණ්ඩවල පසුවන්නන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ඔවුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පවසා ඇත.

Read more

Local News