සහල් වර්ග දෙකක් සඳහා උපරිම සිල්ලර මිළ රුපියල් 98ක් ලෙස දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (19) රාත්රි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව වාෂ්පයෙන් තම්බන ලද සුදු හෝ රතු සම්බා සහ සුදු හෝ රතු නාඩු කිලෝග්රෑම් 01ක උපරිම සිල්ලර මිළ රුපියල් 98ක් ලෙස දක්වා තිබේ.
ඒ අනුව අදාළ නියමයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත යටතේ ක්රියාකරනු ඇත.



