ඔස්ට්‍රේලියාවේ හදිසි ලැව් ගිනි තත්ත්වයක් හටගෙන තිබියදී තම පවුලේ සාමාජිකයින් සමඟ හවායි දුපතේ නිවාඩුවක් ගත කිරීම යාම පිළිබඳ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසයි.
අදාළ කාලය තුළ තමාට හදිසි තත්ත්වයන් පිළිබඳ සියලු වාර්තා ලැබුණු බවද අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ හටගත් ලැව් ගිනි හේතුවෙන් විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති අතර පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
පසුගිය දෙදින තුළ ඔස්ට්‍රේලියාවේ වාර්තාගත උෂ්ණත්වයක්ද සටහන් තිබු අතර විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙයි.
එවැනි තත්වයක් තුළ අග්‍රාමාත්‍යවරයා රටේ නොසිටීම පිළිබඳ දැවැන්ත ජනතා විරෝධයක් එල්ල වී ඇති අතර අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවද විරෝධතාකරුවන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.




