යහපාලන රජය ජනතා මුදල් උපක්‍රමශීලීව කොල්ලකාලා – ජොන්ස්ටන්

Share

යහපාලන රජය පසුගිය යුගයේදී ජනතා මුදල් උපක්‍රමශීලීව කොල්ලකා ඇති බව මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවති වැඩසටහකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ගෝඨාභය ජනාධිපති වුණාට පස්සේ තමයි පල්ලි ටික පිරෙන්න ගත්තේ. ජනතාවට දැනුනා ඒ ජයග්‍රහණය හරහා නැවතත් ආරක්ෂාව ලැබුණා කියලා.

ප්‍රභාකරන්ගේ මරණය අමතක නොකරන ජනතාවක් තාමත් මේ රටේ ඉන්නවා. රටේ ජනතාවට ඕනේ ප්‍රායෝගික නායකයෙක්.

අපි දේශපාලන දඩයමේ යන්න කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ.” යැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

Read more

Local News