ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බව සඳහන්.
පසුගිය ජනාධිපතිවරණයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඔහු අමාත්‍යාංශය වෙත ඉල්ලීම් කර තිබුණි.
2016 වසරේ ජුලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩ භාරගත්තේය.
2017 වසරේදී දකුණු ආසියානු මහ බැංකු අධිපතිවරයා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීම විශේෂත්වයකි.



