තලවකැලේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලොරි රථයක ගැටිමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් යතුරුපැදිකරු සහ යතුරුපැදියේ පසුපස ගමන් ගත් එක් අයෙක් බරපතල ලෙස තුවාල ලබා යතුරුපැදිකරු ලිදුල රෝහලටත්, යතුරුපැදියේ පසුපස ගමන් ගත් අය කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.
අද (20) දින උදැසන 11.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සෙන්ක්ලෙයාර් වත්ත ප්‍රදේශයේදිය.
රෝහල් ගත කල යතුරුපැදිකරු සහ යතුරුපැදියේ පසුපස ගමන් ගත් අයගේ තත්වය බරපතල නිසා තුවාල කරුවන් දෙදෙනාම නුවරඑලිය මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.
හැටන් සිට තලවකැලේ දෙසට ධාවනය වු ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වු ලංගම බස් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සරකර යාමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුරු පිලිබදව පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියා සිටියේ.
ලොරි රථයේ රියදුරා සැකපිට තලවකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
පවතින වර්ෂාවත් සමඟ මාර්ගය ලිස්සන සුළු බැවින් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස තලවකැලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



