කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි (port city) කටයුතු අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව ජනවාරි මස 17 දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියම කළේය.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබු පෙත්සම අද (20) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සමට අදාළ තීන්දුව ජනවාරි මස 17 දා ප්‍රකාශ කළ බවයි.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාරිසරික නීති උල්ලංඝනය කරමින් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් දැඩි පාරිසරික හානියක් සිදුවන බවයි.
එබැවින් එම ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස රජයට නියෝග නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.



