මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට

Share

පවතින වැසි තත්ත්වයත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ යමින් පවතින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

මේ‍ හේතුවෙන් වැලිකන්ද, සේරුවිල, මුතූර්, ලංකාපුර, මැදිරිගිරිය, කින්නියා, කන්තලේ, තමන්කඩුව සහ දිඹුලාගල යන ප්‍රදේශවල මහවැලි ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read more

Local News