සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ලබාදුන් ණය කපා හරින ලෙස සියලු බැංකු වෙත උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු බැංකු සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිළධාරින්ට මේ බව නියෝග කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
මෑතකදී ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිසංස්කරණයේ මුලාරම්භයක් ලෙස මෙය ක්‍රියාත්මක කර ඇති බව සදහන්.
එමෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් දිරිගැන්විම සඳහා රජය විසින් නව වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට නියමිත බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.
එමෙන්ම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල්හිමියන් සඳහා ද සහන ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.



