වේගෙන් ආ බස් රථය බස් නැවතුම්පොලකට හා වෙළෙඳසැලකට හානි කරමින් අනතුරක

Share

අධික වේගයෙන් ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ප්‍රධාන මාර්ගය අභියස තිබු බස් නැවතුම්පොලක් කඩාගෙන ඒ අසලම තිබු වෙලඳසැලකට කඩාගෙන ගොස් බස් රථය නගර වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

 

ඊයේ (20) දින රාත්‍රි 9.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ලක්ෂපාන ප්‍රාදේශියෙ රෝහල සහ ලක්ෂපාන ලංකා විදුලි බල මණ්ඩලයේ සංචාරක නිකේතනය අසලය.

හැටන් සිට ලක්ෂපාන දක්වා ධාවනය කර ඇති බස් රථය ලක්ෂපාන ප්‍රදේශයේ ගාල් කර පසු ව එම බස් රථයේ රියදුරා අධික ලෙස බිමත්ව පැමිණ බස් රථය පණ ගන්වා බස් රථය අධික වේගයෙන් ධාවනය කරවන අවස්තාවේ රියදුරාට බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව බස් රථය මුලින්ම බස් නැවතුම්පොලේ ගැටි පසුව බස් රථය වෙලඳසැල වෙත කඩාගෙන ගොස් නතර වි ඇත.

බස් රථයේ රියදුරා අසුනේ සිර වි සිටියදි අනතුරට පත් ස්ථානය ආසන්නයේම පිහිටි ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් සහ භට පිරිස් සහ ප්‍රාදේශවාසින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා රියදුරාව බස් රථය කඩා පිටතට ගෙන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

රෝහල්ගත කර රියදුරාව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර අනතුරෙන් බස් රථයට, බස් නැවතුම්පොලට සහ වෙලඳසැලට දැඩි අලාභ හානි සිදු වි ඇත.

වෙලදසැල් හිමියා පවසන්නේ ලබන මස විවෘත කිරිමට තිබු තම වෙලඳසැල තුලට බස් රථය කඩාගෙනවිත් අනතුරට පත් විම නිසා රු ලක්ෂ 5 ක පමණ පාඩුවක් සිදු වි ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් තමන්ද නෝටන්බ්‍රිජ් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව වෙලදසැල් හිමියා පැවසීය.

අනතුර පිලිබදව නෝටන්බ්‍රිජ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News