නිවාඩු නිකේතනයක වෙඩි වැදී මියගිය අයෙකුගේ මළ සිරුරක්

Share

කතරගම සිතුල්පව්ව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම මළසිරුර සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

හිසට වෙඩි වැදීම හේතුවෙන් මොහු මියගොස් ඇති අතර කවුරුන් විසින් හෝ වෙඩි තැබීම සිදුකළේ ද එසේත් නැතිනම් සියදිවි හානිකර ගත්තේ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැත.

කතරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News