අතුරුගිරිය-පිටකොටුව මාර්ග අංක 170 බස් මාර්ගයේ අද (23) උදෑසන සිට බස් වර්ජනයක් ආරම්භ කර තිබේ.
වැලිකඩ පොලිස් ස්ථානයට අදාළව රාජගිරිය ප්රදේශයේ දී බස් රථ රියදුරෙකු හා පොලිස් නිලධාරියෙකු අතර ඇතිවු බහින් බස් වීමක් දුර දිග යෑමෙන් පොලිස් නිලධාරියා විසින් බස් රථ රියදුරාට පහර දී ඇතැයි පවසමින් මෙම මාර්ගයේ බස් වර්ජනය ආරම්භ කර ඇත.



