තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව සභාපතිවරු පත් කර තිබේ.
රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු නිර්දේශ මත අදාළ පත් කිරීම් සිදුකර ඇති බව සඳහන්ය.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධරියෙකු වු සුමිත් අබේසිංහ මහතා මෙම කමිටුවේ සභාපතීත්වය දරනු ලබයි.
ඒ අනුව මේ වනවිට රාජ්‍ය ආයතන සඳහා පුද්ගලයින් පත් කිරීමට අදාළ නිර්දේශිත නාම ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වේ.
අදාළ තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීමද මේ වනවිට අවසන්ව ඇති අතර එළඹෙන 31 වනදාට ප්‍රථම සියලු රාජ්‍ය ආයතන සඳහා නිර්දේශිත නාම ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පත් කර ඇති අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතායි.
මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස කමල් රත්වත්තේ මහතා පත් කර තිබේ.
ශ්‍රි ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජයම්පති මොල්ලිගොඩ මහතා මීට පෙර පත් කරනු ලැබුවේය.



