සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වු ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වු පුද්ගලයෙකු හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
ඔහු සතු තිබී හෙරොයින් ග්රැම් 26 කට අධික තොගයක් සොයාගෙන තිබේ.
සැකකරු ඉදිරි විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාරදුන් බව සඳහන්.



