රාජිතගෙන් තුන්වන වතාවටත් ඇප අයදුම්පතක්

Share

තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද (23) පෙරවරුවේ තුන්වන වතාවටත් අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළේය.

 

රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පළමුවන අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉකුත් සිකුරාදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඉන් පසුව එදින සවස ඔහු විසින් දෙවන අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කරනු ලැබුවේය.

ඉන් අනතුරුව මෙම සිද්ධියට අදාළව නව ලේඛන ද ඇතුළත් කොට රාජිත සේනාරත්න මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද පෙරවරුවේ තුන්වන අපේක්ෂිත ඇප අයදුම්පතක් ද අධිකරණය හමුවේ ගොණුකර තිබේ.

එම අපේක්ෂිත ඇප අයදුම්පත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද දහවල් සලකා බැලීමට නියමිතව තිබේ.

Read more

Local News