අම්පාර, උහන, දෙමඩමල් පැලැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැන ගැටී ඊයේ (22) සවස ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුලි පදනම මත වගාවකට කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීම සඳහා ගොස් සිටි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිද විවාහක පුද්ගලයෙක්.
එම ප්‍රදේශයේ වන අලි හානිය වැලැක්වීම සඳහා වගා භූමියකට ඇද තිබු විදුලි රැහැනක ගැටී මෙලෙස මෙම පුද්ගලයා මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ උහන පොලීසිය විසින් සිදුකරයි.



