ජමල් කෂෝගි ඝාතනයේ වැරදිකරුවන් පහකට මරණ දඬුවම

Share

මාධ්‍යවේදී ජමල් කෂෝගි ඝාතනය කිරීමට වැරදිකරුවන් වු පුද්ගලයන් 05 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

 

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ජමල් කෂෝගි මීට වසරකට පමණ පෙර සෞදි අරාබියෙන් පිටත්ව ගිය විශේෂ කණ්ඩායමක් විසින් ඝාතනය කර සිරුර අතුරුදන් කර තිබුණි.

තුර්කිය විසින් ඒ පිළිබඳ අනාවරණය කළ අතර සෞදි ඔටුනු හිමි කුමාරයාගේ නියෝගයක් මත එම ඝාතනය සිදුවු බවට චෝදනා එල්ල කෙරුණි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ක්‍රියාමාර්ගවලට යොමු කර තිබු අතර ඉන් පස් දෙනෙකුට අද මරණ දඬුවම නියම වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more

Local News