උදාවන නත්තල හා නව වසර පිළිගැනීම සඳහා කළ සුවිශේෂී නිර්මාණයක් පිළිබඳව අපුරු පුවතක් පෝලන්තයෙන් වාර්තා වෙයි.
පෝලන්ත ජාතිකයන් තිදෙනෙක් විසින් නිර්මාණය කළ විශේෂ නගරයක් වන එම නගරය සම්පූර්ණයෙන් නිමකර තිබෙන්නේ ඉඟුරු පාන්වලින්.
නගරය නිර්මාණය කිරීම සඳහා පාන් මිශ්‍රණයෙන් කිලෝ එක්දහස් එකසීයක්, මීපැණි කිලෝ එකසිය පහක්, කුළුබඩු කිලෝ තිස් දෙකක්, බිත්තර 350ක් සහ සීනි කිලෝ 30ත් යොදාගෙන තිබේ.
ඉඟුරු පාන් ගඩොල් 3689ක් යොදාගෙන නිර්මාණය කළ මන්දිරය වටා ඉදිකළ නිවාස, කුළුණු, සුළං මෝල වැනි අංගවලින් මෙම නගරය සමන්විතයි.
” ඉඟුරුපාන් විශ්මලන්තය” යනුවෙන් නගරයට නම්තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එය ලබන වර්ෂයේ පෙබරවාරි 28වන දා තෙක් ජනතාවට ප්‍රදර්ශනය කෙරෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.




