2019 වසර විවිධ විෂමතාවන්ගෙන් යුක්තවූවක් වන අතර, එම තත්ත්වය පිටුදැකීම සඳහා විශ්වාසය සහ බලාපොරොත්තුවේ කුඩා පියවරක් වුවද වැදගත් වන බව බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණ පවසයි.
සිය වාර්ෂික නත්තල් පණිවුඩය ප්‍රකාශයට පත් කරමින් ඇය සඳහන් කළේ ඒ තුළින් සමාජයේ පැතිර පවත්නා වෙනස්කම් දුරලා සමගිය සහ අවබෝධය ගොඩනැගිය හැකි වනු ඇති බවයි.
එමගින් ලොව පුරා වෙනසක් අපේක්ෂා කළ හැකි බව මහරැජිණ වැඩිදුරටත් සඳහන් කළාය.




