අසිරිමත් නත්තල අද (24) මැදියම් රැයෙන් උදා වීමට නියමිතයි.
ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍යා මරිය මව්තුමියට දාව ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
දෙවියන් වහන්සේගේ සුභ ආරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබීය.
නත්තල වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (25) පෙරවරුවේ කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දෙව් මැඳුරේදී පැවැත්වීමට නියමිතයි.
ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සැමරීම සඳහා මේ වන විටත් සූදානම්ව සිටියි.



