මත්ගුලි සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී මදනමෝදක නැමැති මත්ද්‍රව්‍ය ගුලි 375 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

 

නාවික හමුදාව සහ සර්දාපුර පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ ඊයේ(23) සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමක් අතර තුරදී සැකකටයුතු කුඩා ලොරි රථයක් නිරික්ෂණය කර තිබේ.

එම ලොරි රථය පරික්ෂා කිරීමේදී එහි තිබි මෙම මදනමෝදක මත්ද්‍රව්‍ය ගුලි ප්‍රමාණය සහ එහි සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

මෙම මදනමෝදක ගුලි අලෙවි කිරිම පිණිස ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස නාවික හමුදා බාරයට ගන්නා ලදී.

තවද, නාවික හමුදා බාරයට ගත් සැකකරු වයස අවුරුදු 74 ක් වන ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.

එම පුද්ගලයා, කුඩා ලොරි රථය සහ මදනමෝදක ප්‍රමාණය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සුරාබදු කාර්යාලය වෙත බාරදෙන ලදි.

Read more

Local News