රටට අවශ්‍ය දේශපාලන පළිගැනීම් නොව රටට සේවය කිරීම පමණයි – සජිත්

Share

යහපාලන රජය තුළින් ස්ථාපිත කළ අධිකරණයේ ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය අද දවසේ ඉටු වු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

අද (24) දහවල් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.

අපක්ෂපාතීව හා නිර්ව්‍යාජව කටයුතු කළ අධිකරණයට මෙන්ම ආරක්ෂක සේවයේ සියලු දෙනාටත් තම ස්තූතිය පළ කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

රටට අවශ්‍යව ඇත්තේ දේශපාලන පළිගැනීම් නොව රටට සේවය කිරීම පමණක් බවත් පැවසු ඒ මහතා, දේශපාලන පළිගැනීම් නතර කර රට තුළ යුක්තිය සාධාරණත්වය දියත් කළ හැකි පසුබිමක පළිගැනීම් ක්‍රියාත්මක වීම කණගාටුදායක තත්ත්වයක් බවත් කියා සිටියේය.

ශක්තිමත් විපක්ෂයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය උපයෝගී කර ගනිමින් සිදු කරන සියලු බලපෑම්වලට එඩිතරව මුහුණ දීමට සුදානම් බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News