මාංචුවලින් හෝ සිරකඳවුරුවලින් අරගලය නැවැත්විය නොහැකි බව පාඨලී කියයි

Share

අධිකරණයේ ස්වාධීනත්වය ඇතැමුන් විනාශ කිරීමට උත්සහ කරත් එය ආරක්ෂා කිරීමට අධිකරණය කටයුතු කිරීම ගැන තමා ස්තූතිවන්ත වෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

 

සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඒ මහතා අධිකරණය විසින් අද (24) දිනයේ දී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පිළිබඳ අරගලය ඉදිරියට ගෙන යන බවත් මාංචුවලින් හෝ සිරකඳවුරුවලින් අරගලය නැවැත්විය නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.

තමාව දේශපාලන කුමන්ත්‍රණයක් මඟින් අත්අඩංගුවට ගත් මොහොතේ සිට තමාව බැලීමට පැමිණි ස්වාමීන් වහන්සේලා මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයා හා සජිත් ප්‍රේමදාස මහතාට ද මෙම අවස්ථාවේ ස්තූතිය පිරිනමන බව චම්පික රණවක මහතා සඳහන් කළේය.

Read more

Local News