මහා භාරකාරවරයා වෙත පැවරී ඇති වතු වලින් වැඩි ආදායමක් ලබා ගැනිමට හැකි ක්‍රමවත් ඵලදායිතාවයක් ඇති කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
මහා භාරකාරවරයා වෙත භාර දෙන ලද භාරවල අරමුණු ඉටු කරවා ගැනීම සඳහා ඵලදායී ලෙස යොදවා ගන්නා ලෙසත්, අනවශ්‍ය වියදම් කපා හරිමින් මුල්‍යමය විනයක් සහිත වැඩ කටයුතු කිරීමටත් නිලධාරීන් කැපවිය යුතු බවත් අමාත්‍යරයා පෙන්වා දෙයි.
නව රජය යටතේ මහාභාරකාර දෙපාර්තමේන්තුව මගින් ජනතාවට ලබා දිය යුතු සේවය වඩාත් පුළුල් කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ මහාභාරකාර දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
එහිදි අමාත්‍යරයා මේ බව පැවසීය.
දෙපාර්තමේන්තුවට පවතින නඩුකාරයන් පිළිබදව සමාලෝචනයක් සිදු කර නීතිඥ ගාස්තු අවම කර ගැනීමේ ක්‍රමවේද සකස් කර, නීති නිලධාරීන් බදවා ගැනීම කඩිනම් කර, මනා ක්‍රියාකාරිත්වයකින් යුත් නීති අංශයක් ස්ථාපිත කිරිමට පියවර ගත යුතු බවද අමාත්‍යරයා ප්‍රකාශ කළේය.
මහාභාරකාරවරයා සතු වටිනා දේපළ වලින් වැඩි ආදායමක් උපයා ගෙන ඒවා මහා භාරකාරවරයා වෙත භාර දෙන ලද අරමුණු ඉටු කරවා ගැනීම සදහා ඵලදායී ලෙස යොදවා ගන්නා ලෙසත්, අනවශ්‍ය වියදම් කපා හරිමින් මුල්‍යමය විනයක් සහිත වැඩ කටයුතු කිරීමට නිලධාරීන් කැපවිය යුතු බවත් අමාත්‍යවරයා විසින් එහිදී සදහන් කරන ලදී.
විශේෂයෙන්ම මහා භාරකාරවරයා වෙත පැවරී ඇති වතු වලින් වැඩි ආදායමක් ලබා ගැනිමට හැකි ක්‍රමවත් ඵලදායිතාවයක් ඇති කිරිම සදහා එම වතුවල සේවය කරනු ලබන වතු අධිකාරිවරුන් හා මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ සාකච්ඡාවක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලෙසත් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
මහාභාරකාර දෙපාර්තුමේන්තුවට දැනට අධිකරණ ගණනාවක පවතින නඩුකරයන් පිළිබදව සමාලෝචනයක් සිදු කර නීතිඥ ගාස්තු අවම කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් නීතිඥ ගාස්තු අවම කර ගැනීම සඳහා නීති නිලධාරීන් බදවා ගැනීම කඩිනම් කරන ලෙසත් මනා ක්‍රියාකාරිත්වයකින් යුත් නීති අංශයක් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරිමට වහාම කටයුතු ලෙසත් අමාත්‍යරයා පවසයි.
මහාභාරකාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල අළුත් වැඩියා කළ යුතු බැවින් එය අලුත් වැඩියා කිරීම සදහා මුදල් සපයා ගැනීමේ කටයුතු සකස් කොට නොපමාව එම කාර්ය ඉටු කිරීමට කටයුතු කළ යුතු බවට මෙහිදී තීරණය විය.
අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි ,නියෝජ්‍ය මහාභාරකාරවරුන් වන ගෞරි කරවිට, කේ.ඩී.පී.ජේ.කරුණාරත්න යන මහත්ම මහත්මීන් අමාත්‍යාංශයේ හා මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.



