සහල් තොග සඟවාගෙන සහ පවතින මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙදුන් සොයා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම වැටලීම් ලබන වසර ආරම්භය වන තෙක්ම ක්‍රියාත්මක වන බව එම අධිකාරිය සදහන් කළේය.
මේ වන විට සිදුකළ වැටලිම්වලදී වෙළඳුන් 100 කට ආසන්න පිරිසකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබේ.
සහල් තොග සගවාගෙන සහ පවතින මිලට වඩා වැඩියෙන් සහල් අලෙවිකරන වෙළෙඳුන් සම්බන්ධයෙන් වන පැමිණිලි 1919 ක්ෂණික දුරකතන ඇමතුම් අංකයට ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකියාව පවතියි.



