වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව අද (26) උදාවෙයි.
අද පෙරවරු 08.10න් පසුව මෙම සූර්යක් ග්‍රහණය දැකබලා ගැනිමට හැකියාව පවතින බව සඳහන්.
අවසන් වරට මෙවැනි සූර්යක් ග්‍රහණයක් 2010 වර්ෂයේදී දර්ශනය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්යක් ග්‍රහණයක් දැකබලා ගැනිමට හැකියාව පවතින්නේ 2031 වර්ෂයේ විම විශේෂත්වයක්.
මෙම සූර්යක් ග්‍රහණය දිස්වන්නේ ලෝකයේ රටවල් කිහිපයකට පමණක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට එය පැහැදිලිව දැකබලා ගැනිමේ අවස්ථාව උදාවෙයි.








