සුනාමියෙන් මිය ගිය අය වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

Share

සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය පිරිස සිහිපත් කිරිම සදහා අද (26) දිනයේ පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විමට කටයුතු යොදා ඇත.

 

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණි.

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම සදහා 2005 වර්ෂයේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Read more

Local News