බන්ධනාගාර නිලධාරීන් 2ක්ට ඇගයීමක්

Share

වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ රැදවියෙකු පැනයාමේදී ඔහු නතර කිරීම සදහා කටයුතු කළ බන්ධනාගාර නිලධාරින් ඇගයීමට ලක් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

 

පසුගිය 24 වන දින පස්වරුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රැදවියෙකු බන්ධනාගාරයෙන් පැනයාමට උත්සහ කල අතර එහිදී බන්ධනාගාර ආරක්ෂක මුර අට්ටාලයක සිටි නිලධාරියෙකු එම සැකකරුට වෙඩි තබා ඇත.

මෙලෙස බන්ධනාගාරයෙන් මිදි පැනයාමට උත්සහ දරා ඇත්තේ අවුරුදු 20ක් පමණ වයසැති අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

අදාල රැදවියා පැනයාම නතර කිරිමට පියවර ගත් ආරක්ෂක නිලධාරියා සහ බන්ධනාගාර නියාමකවරයා ඇගයීමට ලක් කර ඔවුන් දෙදෙනාට ප්‍රසංශා සහතික නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Read more

Local News