දුර්ලභ වලයාකාර සූර්යග්‍රහණයේ නවතම ඡායාරූප මෙන්න

Share

වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව අද (26) ශ්‍රී ලංකා වාසීන්ට උදා විය.

 

අවසන් වරට මෙවැනි සූර්යක් ග්‍රහණයක් 2010 වර්ෂයේදී දර්ශනය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්යක් ග්‍රහණයක් දැකබලා ගැනිමට හැකියාව පවතින්නේ 2031 වර්ෂයේ විම විශේෂත්වයක්.

මෙම සූර්යක් ග්‍රහණය දිස්වන්නේ ලෝකයේ රටවල් කිහිපයකට පමණක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට එය පැහැදිලිව දැකබලා ගැනිමේ අවස්ථාව උදාවෙයි.

විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ මුලතිව්, පුනරීන්, වාකරේ, මන්නාරම ඇතුළු ප්‍රදේශවලට මෙම සූර්ය ග්‍රහණය හොදින් දර්ශනය වන බව සඳහන්.

මෙම වළයාකාර සූර්යග්‍රහණය අද දහවල් 11.25 වෙන තෙක් නැරඹීමට හැකි අතර පියවි ඇසින් හා එක්ස් රේ කාර්ඩ් වලින් සහ අව් කණ්ණාඩි මගින් නැරඹීමෙන් වලකින ලෙස ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙයි.

 

Read more

Local News