රාජිතගෙන් මෝසමක්

Share

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥයා විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇත.

 

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්ට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 24 දා වරෙන්තුවක් නිකුත් කළේය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කළද මේ වන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

Read more

Local News