ආණ්ඩුව දේශපාලන දඩයමක් කරමින් සිටින බව හේෂා කියයි

Share

අද වනවිට වර්තමාන ආණ්ඩුව දේශපාලන දඩයමක් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

 

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

“ආණ්ඩුව පත්වෙලා මාස 2ක් යන්න කලින් මේ ආණ්ඩුව දේශපාලන දඩයම පටන් අරන්.

මේක නෙවෙයි ගෝඨාභය රාජපක්ෂගේ ජන වරම. මේ ජනවරම ලබා දුන්නේ මේ රට ඉදිරියට අරන් යන්න, දේශපාලන වෙනසක් කරන්න.

එදා නිශ්ශබ්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ තනතුර තුළ යම් වැඩ කොටසක් කළා, ඒකට ගරුත්වයක් එක්කයි මේ ජනවරම ලබා දුන්නේ.

නමුත් දැන් අද වෙලා තියෙන්නේ ගෝඨාභය මහතාම හුදෙකලා කරලා එදා රාජපක්ෂ මහත්තයාත් එක්ක පිටිපස්සේ හිටපු කල්ලිය නැවත වැඩ ආරම්භ කරලා තියෙනවා දේශපාලන දඩයම් කරන්න.

Read more

Local News